ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 14 දෙනෙකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
පසුව, ඔවුන් පැමිණි ඩිංගි බෝට්ටුව ද සමඟ පිරිස කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.
මෙම පිරිස කන්කසන්තුරේ මල්ලාක්කම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
