Gossips

ලහිරු කුමාරට දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පනවා තිබෙනවා.
ඊට අමතරව ඔහුට එක් අප්‍රසාද ලකුණක් ද ලබාදී ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේ.
ජාත්‍යන්තර තරගයක දී ක්‍රීඩක ආචාර ධර්ම කඩ කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
ඊයේ තරගයේදී ටොම් ලැතම් එල්ල කළ පහරක් හතරේ සීමාවට යාමත් සමග ලහිරු කුමාර අසභ්‍ය වචන භාවිත කළ බවට විනිසුරුවරුන් චෝදනා කර තිබෙනවා.
එම වචනවල හඬ විකට්ටුවල සවිකර තිබු කැමරාවල ද සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ තරගයෙන් අනතුරුව මේ පිළිබඳ කළ විමර්ශණයේදී ඔහු අදාළ වරද පිළිගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ඒ පිළිබඳ ඉදිරි විමර්ශනයක් සිදු කෙරෙන්නේ නැහැ.