Gossips

ලසිත් ඇඹුල්දෙනියට සති 6ක විවේක කාලයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට පළමු ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා.
ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 25යි.
දකුණු අප්‍රිකාව සිය මුල් ඉනිමේදී ලකුණු 222කට දැවී ගිය අතර ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 162ක් පිටුපසින්.
මේ අතර, ඊයේ පන්දු රැකීමේදී ඇගිල්ලේ ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනියට තරඟයේ ඉතිරි කොටස අහිමි වන බවත්, ඔහු සුවය ලැබීමට සති 6ක පමණ කාලයක් ගත වන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ඉතිරි කොටසට පන්දු යැවීමට සහ පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකු අහිමිවනු ඇති.