Gossips

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනාට ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාලට ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නිතීඥයා පැය දෙකකට ආසන්න කාලයක් කරුණු දක්වනු ලැබුවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියේ මෙම ඝාතන සිද්ධිය නොමඟ යැවීම සඳහා විවිධ පාර්ශව කටයුතු කරමින් සිටින බවයි.
දෙපාර්ශවයෙහිම කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.