Gossips

ලසන්ත ඝාතනයට එල්ලවන චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ප්‍රතික්ෂේප කරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ඒත්තු ගන්වා ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමේ උත්සහයක් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් අත්අඩංගුවට ගැනීමට හේතු සොයාමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලින්ම පෙනී යන බවයි.
මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, ඔහු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.