වැලිසර ලය රෝහලේ සේවකයෙකු රෝහලේ වහලය මත නැග අද (04) උදෑසන විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ගිලන් රථ සේවය සඳහා අනුයුක්තව සේවය කරන මෙම සේවකයා සහ තවත් සේවකයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා රෝහලෙන් සිදුකර ඇති සේවා මුර සංශෝධනය කිරීමකට එරෙහිවයි ඔහු මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රෝහල් පරිපාලන අධිකාරියෙන් විමසීමක් කළා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ බහින්බස්වීමක් ඇතිවීම නිසා සේවා මුර සංශෝධනය කර ඇති බවයි.
මීට අමතරව සිද්ධියට අදාළව අමාත්‍යාංශ මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට දැනුම් දී තිබෙනවා.