Gossips

ලය තෙත් නොවන අධ්‍යාපන බලධාරීන්

අධ්‍යාපනය සදහා වෙර දරන තරුණියකගේ අනාගත අපේක්ෂාවන් වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් අවදානමකට පත්ව ඇති සංවේදී
පුවතක් අපට වාර්තා වුණා.
මේ ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති සිදුකළ විමසා බැලීමක්.
2017 වර්ෂයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි චමෝදී තරුෂිකා පෙරේරා වානිජ අංශයෙන් බී. සාමාර්ථයක් සහ සී
සාමාර්ථ දෙකක් ලබා ගනිමින් යාපනය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබනවා.
නමුත් ඇය , උපතින්ම සෙලිබ්‍රෝ පෝල්ස් නම් රෝග තත්ත්වයෙන් පිඩා විදින්නියක් හේතුවෙන් විශ්වවිද්‍යාල සදහා අයදුම් කරන්නේ විශේෂ විධිවිධාන
පණත යටතේයි.
තමන්ගේ දෛනික කටයුතු හෝ තනිවම සිදු කර ගැනීමට නොහැකි චමෝදීට යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට සිදු වන්නේ රාගම පුනරුත්තාපන රෝහලෙන් දිනක් හැර දිනක් ප්‍රතිකාර ලබා ගත යුතුව ඇති පසුබිමකදීයි.