Gossips

ලයන් එයාර් යානයේ කළු පෙට්ටිය සොයාගනී

මගීන් 189 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩාවැටුණු ලයන් එයාර් ගුවන් යානයේ නියමුවාගේ හඩ ඇතුළත් කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.
මුහුදු පතුලේ සිට මීටර 8 ක් පමණ ගැඹුරින් වූ මඩ තට්ටුවක් මත රැඳී තිබියදී මෙම කළු පෙට්ටිය සොයාගැනුනේ යානය කඩාවැටී මාස 2 කට ගතවූ පසුවයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වනදා ජකර්තා ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කළ මෙම යානය කාර්මික දෝෂයක් නිසා මුහුදට කඩාවැටී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවුනේ.
නියමුවා ගුවන් තොටුපල නැවත හැරී යාමට අවසර ලබාදෙන ලෙස පාලක මැදිරියෙන් අවසර ඉල්ලා සිටිනවාත් සමඟම සන්නිවේදනය බිඳවැටී තිබුණා.