ලබුගම සිට කොළඹට ජලය සැපයෙන ප්රධාන ජල නලයක් පුපුරා යාමෙන් නිවාස කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා.
මෙලෙස ජල නලය පුපුරාගොස් ඇත්තේ පාදුක්ක වග ඉරිදාපොළ ආසන්නයේදීයි.
නඩත්තු කටයුත්තක් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එක්වරම සිදුවූ පිපිරීමත් සමඟ විශාල ජල ප්රමාණයක් ඉන් පිටව ඇති අතර මේ හේතුවෙනුයි ඒ අසල පිහිටි නිවාස කිහිපයක් සහ මාර්ගය ජලයෙන් යටව ඇත්තේ.