Gossips

ලබන සතියේ සිට උණුසුම තවත් වැඩිවෙයි

ඉදිරි සතියේ සිට දහවල් සහ රාත්‍රී කාලයේ උණුසුම වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 5 වන දා සිට 15 වන දා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම ඊට හේතුව වන අතර, එහිදී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.
දකුණු පළාතේ දික්වැල්ල, කැකණදුර, කොටවිල යන ප්‍රදේශවලට ලබන 5 වන දා හිරු මුදුන් වන අතර, උතුරු පළාතට හිරු මුදුන් වන්නේ ලබන 15 වන දායි.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තා වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහි අගය සෙල්සියස් අංශක 38.8ක්. සාමාන්‍යයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් වන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිපුර ජලය පාලනය කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කුඩා ළමයින් සහ වැඩිහිටියන් වැඩි කාලයක් ජලයේ සිටීම සහ ජලය පානය කිරීම තුළින් ඇති වන සමේ රෝග සහ විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි වන බවයි ළමා රෝග විශේඥ වෛද්‍ය දීපාල් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.