Gossips

ලබන සතියේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක්

ලබන සතියේ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි.
මෙම පක්ෂ නායක රැස්වීම සඳහා නීතිපති ජයන්ත ජයසූරිය මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කැදවීමට පසුගිය බදාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණියා.
පළාත් සභා ඡන්ද විමසීම නව ක්‍රමයට පැවැත්වීමට පවතින බාධාවන් සහ එය පැරණි ක්‍රමයට කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාව පිළිබදව මෙහිදී සාකච්ඡා කරනු ඇති.