Gossips

ලබන සතියේ කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වන දා සිට 31 දක්වා කාලසීමාව තුළ කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධිවීමක් ඇති විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 27 වන දා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ 3, කොළඹ 4, කොළඹ 5, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවල විදුලිය විසන්ධි විය හැකි බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මහකොළඹ සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝවෝල්ට් 132ක විදුලි පද්ධතිය අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් මෙලෙස සිදුකිරීමට නියමිතයි.