Gossips

ලබන සතියේ අතුරු සම්මත ගිණුමක් – නිල අයවැය සිංහල අලුත් අවුරුද්දට පෙර

නව එක්සත් ජාතික පෙරමුණු රජය විසින් සංක්‍ෂිප්ත අයවැයක් හෙවත් අතුරු සම්මත ගිණුමක් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එමෙන්ම ලබන වසරේ සිංහල හින්දු අලූත් අවුරුද්දට පෙර ස්ථිර අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.
ඊට පෙර ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම මගින් රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම්, ඉන්ධන මිලදී ගැනීම් සහ විදේශීය ණය පියවීම් සඳහා හදිසි ගැනුම්වලට ඉඩ සැළසෙනු ඇති.
පසුගිය කාලය තුළ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් නව අයවැයක් මේ වසර නිමවීමට පෙර සම්මත කරගත නොහැකි නිසා ලබන වසරේ මුල් මාස දෙක සඳහා එලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.