Gossips

ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම බිලියන 4376 ක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් බවයි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක්. රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීම සඳහා රුපියල් බිලියන 1000 ක් පමණ වැයවන අතර, පාසල් නිල ඇඳුම්, බෙහෙත්, වැඩිහිටි දීමනා, පොහොර සහනාධාර, පෝෂණ මල්ල, වකුගඩු රෝගීන් සඳහා වන දීමනා ඇතුලූ සුබසාධන වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 220 ක්.
ආරක්ෂක අමාත්‍යාංශයට 2019 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර ඇති අතර, එය රුපියල් බිලියන 306 ක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම 2019 වසර වනවිට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක් දක්වා වැඩිවනු ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.