Gossips

ලබන ජුලි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ධුරයේ වෙනසක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ලෙස මනු සෝනි නම් කර තිබෙනවා.
මේ වන විට එම ධුරය දරනු ලබන ඩේවිඩ් රිචඩ්සන් එළෙඹෙන ජුලි මාසයේ සිට ඉන් ඉවත් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්පසුව ප්‍රධාන විධායකවරයා ලෙස මනු සෝනි පත් වීමට නියමිතයි.
ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීම කමිටුවක් මගින් සිදු කෙරුණද එම කමිටුවෙන් මනු සෝනි ඒකමතික තෝරා පත් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කළේ.