Gossips

ලන්ඩන් – ගැට්වික් ගුවන් තොටුපළ අක්‍රිය කරමින් ඩ්‍රෝන යැවූ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ දෙවන කාර්ය බහුලතම ගුවන් තොටුපළ වල ලන්ඩන් – ගැට්වික් ගුවන් තොටුපළේ කටයුතු දින දෙකක් තිස්සේ අවහිර කරමින් ඩ්‍රෝන යානා යැවූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩ්‍රෝනවල ගැටීමේ අනතුරුදායකබව හේතුවෙන් ගැට්වික් ගුවන් තොටුපළේ මගී ගුවන් යානා ගොඩබෑම සහ නික්මීම නතරව තිබූ අතර, දැන් ඒ සඳහා සීමිත අවස්ථාවක් ලබාදී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් නත්තල් නිවාඩුවේ සංචාරයන් හි නිරතවීමට සිටි දහස් සංඛ්‍යාත පිරිසක් ගුවන් තොටුපළේ අතරමං වුණා.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ වයස් සීමාවන් හෝ අනෙකුත් තොරතුරු අනාවරණ කර නොමැති අතර, ඩ්‍රෝන යානා අපරාධකාරී ක්‍රියාවකට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇති.