Gossips

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4ක් අත්අඩංගුවට

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම පුවත්පත වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට පත්වූවන් සම්බන්ධයෙන් තොරතුරු මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇති බවයි.