Gossips

ලකුණු පිපාසාවෙන් සිටි දෝණි පිටිය රත් කරමින් කළ දෙයක් ක්‍රිකට් පිටිය කළඹවයි

ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පසුගියදා නිමා වූ දෙවන පන්දුවාර 20 තරඟයේ ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ කඩුලු 06කින්.
මෙම තරඟයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ දෙනෙක් අතර අවදානය යොමුව තිබෙනවා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ අවසන් පන්දුවාර කිහිපයේදී ඉන්දීය කණ්ඩයමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි පිටිය මැදදී තුන්
ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩයාට බැණ වැදීම සම්බන්ධයෙනුයි මෙලෙස අවදානය යොමුව ඇත්තේ.
මහේන්ද්‍ර සිං දෝණි සමඟින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි පාණ්ඩයාට දෝණි එල්ල කළ පහරකට ලකුණු දෙකක් ලබා ගැනීම සඳහා දෝණිගෙන් කැඳවීමක් ලැබෙනවා.
එම අවස්ථාවේ එක් ලකුණක් සම්පුර්ණ කර සිටි හර්දික් පාණ්ඩයාගේ අවදානය යොමුව ඇත්තේ වෙනත් දෙසකටයි.
එහිදී දෙවන ලකුණ ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝණි කළ කැඳවීම ඔහුට නොඇසෙන අතර ඒ සම්බන්ධයෙන් කෝපයට පත් දෝණි පිටිය මැදදී හර්දික් පාණ්ඩයාට බැණ වදිනවා.
එම අවස්ථාවදී පාණ්ඩයා ලකුණු 79ක් සහ මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 35ක් රැස් කරගෙන සිටියා.
කෙසේ වෙතත් මේ දෝණිගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාල අවස්ථාව පහතින්..

rnrnrn