Gossips

ලක් මවගේ අභිමානය වූ සිංහ කොඩිය ඉන්දීය නායකයා අතට ගියේ මෙහෙමයි

කොළඹදී ඊයේ ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙත ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ එම තරඟය අවසානයේ කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දියාව ජයගැනීමත් සමඟයි.
අවසන් තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් නොලැබුවද එම තරඟය නැරඹීමට විශාල ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ තිබීම කැපී පෙනුනා.
ඉතිහාසයේ කිසිදිනක සිදු නොවූ ලෙස එහිදී ඔවුන් ඉන්දීය කණ්ඩායමට සහය දැක්වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් තරඟය ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම තමන් වෙනුවෙන් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට කෘතගුණ පලකරන්න අමතක කළේ නෑ.
ඒ වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම ප්‍රේමදාස පිටිය තුළ ගමන්කරමින් ප්‍රේක්ෂකයන්ට ආචාර කළා.
එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ හැමෝම දන්නා ක්‍රීඩා ලෝලී පර්සි මහතා ද එක්වූවා.
එහිදී සිදුවූ සුවිශේෂ සිදුවීම වන්නේ ඔවුන් ඉන්දීය කණ්ඩායමේ ධජයක් නොගෙන ශ්‍රී ලංකා ධජය යටතේ ගමන් කිරීමයි.
ක්‍රීකට් ක්‍රීඩාංගණයම ඔල්වරසන් හඬින් ගිගුම් දෙන ඒ මොහොතේ සියල්ලන් මවිත කරමින් නායක ශර්මා පර්සි මහතාගේ සුරතේ තිබූ ශ්‍රී ලංකා ධජය ගෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අචාර කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂතම අවස්ථාවක් වූ එය කැමරාවක පටිගතව තිබුනේ මේ අයුරින්.
rnrn