රුපියල් අනූපන්ලක්ෂ 71,320 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කාන්තාවන් ඊයේ රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේ.
මොවුන් පිළියන්දල, බත්තරමුල්ල, මුල්ලේරියාව සහ බම්බලපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 46 ත් 61 ත් අතර වයස්වල පසුවන්නන්.
