Gossips

ලක්ෂ 91 ක රත්‍රං සමඟ යුවලක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 91 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් 2 යි දශම 3 යි 5 ක් මුම්බායි බලා රැගෙන යාමට උත්සාහ කළ තරුණ ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 සහ 34 හැවිරිදි යුවලක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඔවුන් මේ වනවිට රේගු භාරයට ගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.