Gossips

ලක්ෂ 86 ක මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 86 කට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 5.15 ට පමණ මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක සංවිධානාත්මක අපරාධකරුවෙකු රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී හෙරායින් ග්‍රෑම් 503 යි මිලිග්‍රෑම් 540 ක්, කොකේන් ග්‍රෑම් 66 යි මිලිග්‍රෑම් 56 ක්, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 90 ක්, ඩාන්සින් ටැබ්ලට් නම් පෙති 42 ක්, ජංගම දුරකථන 10 ක් සහ මුදල් රුපියල් 74750 ක් ද සොයාගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 8,628,000 ක්.
අත්අඩංගුවට ගත් සැකකාරිය මීතොටමුල්ල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි අයෙක්.
සැකකරුවන් දෙදෙනා නාගලගම්වීදිය සහ මීතොටමුල්ලේ පදිංචි 29 සහ 41 වයස්වල පසුවන දෙදෙනෙක්.
ඔවුන් හෙට අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.