රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු පිළියන්දල – හොන්නන්තර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල පොලීසියේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ හොන්නන්තර ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 71 හැවිරිදි සැකකරු කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
