අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ හත්සිය විස්සක මුදලක්  වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්ධන් ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. 
ඒ ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් මිලියන 25 ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසටයි. 
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු ඊයේ දෙහිවල – දුම්රියපල පාරේ පිහිටි සිය නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.



