Gossips

ලක්ෂ 70 ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

අලූත්ගම – දර්ගා නගරයේ – පතිරාජගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 30 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන අතර, ඒවා පුත්තලම ප්‍රදේශයෙන් රැගෙන විත් කළුතර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවලට අලෙවි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කළුතර සහ අලූත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙලෙස සොයාගැනුනේ කළුතර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සොයාගත් විශාලතම කේරළ ගංජා තොගය වන අතර, සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.