රුපියල් හැට නව ලක්ෂ 60,000ක් වටිනා රත්‍රං තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (02) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා ළඟ තිබී රත්‍රං කිලෝ එකයි ග්‍රෑම් 160ක් සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
