Gossips

ලක්ෂ 65 ක් වටිනා රත්‍රන් සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රන් බිස්කට් 10 ක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මහබාගේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
මෙලෙස නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 65 ක් පමණ වන බවයි රේගු නිලධාරින් පැවසුවේ.