Gossips

ලක්ෂ 64ක විදෙස් මුදල් කටුනායකදී රේගු අත්අඩංගුවට (ඡායාරූප)

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අවුරුදු 61 සහ 33 යන වයස් වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල සහ ඔවුන් ඇඳ සිටි ඇදුම් අතරේ මෙම විදේශ මුදල් තොගය සඟවා තිබියදී ඒවා සොයාගත් බව සඳහන්.
මෙලෙස සොයාගත් විදෙස් මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 64 ක් වන අතර බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ සහ සෞදි රියාල් ඒ අතර තිබී හමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සොයාගත් විදේශ මුදල් තොගය රාජසන්තක කර සැකකරුවන් දෙදෙනා නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල