Gossips

ලක්ෂ 60 ක හෙරොයින් සමඟ කැළණියේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 500 යි මිලිග්‍රෑම් 504 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය – තොරණ හන්දිය – වරාගොඩ මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෝටර් රථයකින් මෙම හෙරොයින් ප්‍රවාහනය කිරීමේදියි.
27 හැවිරිදි සැකකරු කැළණිය – වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු ඊයේ අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.