Gossips

ලක්ෂ 56ක හෙරොයින් සමඟ, හයේ කල්ලියක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 402යි මිලිග්‍රෑම් 120ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56 කට අධික බව සඳහන්.
රාජගිරිය, මීරිගම, වේයන්ගොඩ හා මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ 06 කදී මොවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් අවුරුදු 25 ත් 50 ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් ළඟ තිබී ජංගම දුරකථන 14ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දා ඒ – 9 මාර්ගයේ පුලියන්කුලම ප්‍රදේශයේදී පිස්තෝල අවියක් හා ජීව අත්බෝම්බ 3ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළ තොරතුරු මත පදනම්වයි.
මේ අතර, ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් ඊයේ (01) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ මීගමුවේ පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි මෙම පුද්ගලයා සිය ගමන් මල්ලේ වල්ලාපට්ටා තොගය සඟවාගෙන මුම්බායි හරහා ඩුබායි බලා යාමට සූදානම්ව සිටි බවයි.
රේගුව මගින් වල්ලාපට්ටා තොගය රාජ සන්තක කර ඇති අතර ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.