Gossips

ලක්ෂ 50 ක කේරළ ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 37 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුවයි අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ.
යකඩ ප්‍රවාහනය කරන මුවාවෙන් යාපනයේ සිට පුත්තලම දක්වා මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50 කට පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 22 සහ 24 ක් වනවා.
ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.