නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 48 කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ තායිලන්තයේ – බැංකොක් නුවර සිට පැමිණ මෙම කාන්තාවගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් තොගය සොයා ගැණුනා.
ඒ අතර, විශාල වර්ගයේ මැණික් කැට 18 ක්, කුඩා ප්‍රමාණයේ මැණික් කැට බහා තිබූ පාර්සල් 13 ක් තිබී සොයා ගත් බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
35 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව මීට වසර 12 කට පමණ පෙර ශ්‍රී ලාංකිකයෙකු සමඟ විවාහ වී මේ වනවිට මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තා වනවා.
( ඡායාරූප – ටි.කේ.ජී කපිල )