ලක්ෂ 40 කට අධික වටිනාකමකින් යුත්, දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ පාකිස්ථානයේ – කරච්චි නුවර සිට ඔවුන් ඊයේ රාත්රියේ දිවයිනට පැමිණි බවයි.
සැකකරුවන් තුන්දෙනා ළග තිබී දුම්වැටි 73,000 ක් අඩංගු කාටුන් 358 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.