ලක්ෂ 360ක් වටිනා රන් බිස්කට් 60 ක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළෙහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියාට රුපියල් ලක්ෂ 30 ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ අදාළ රන් බිස්කට් තොගය රාජසන්තක කරමින්. මෙම නිලධාරියා අදාළ රන් බිස්කට් ගුවන්තොටුපලෙන් පිටතට රැගෙන ඒමට කටයුතු කිරීමේදී රේගුව අත්අඩංගුවට ගත්තේ ඊයේ රාත්‍රියේදීයි.
