Gossips

ලක්ෂ 360ක රත්‍රං සමඟ, ආගමන විගමන ප්‍රධානියෙකු රේගු දැලේ

ලක්ෂ 360ක් වටිනා රන් කිලෝ 6ක් සමඟ කටුනායක ගුවන් තොටුපළෙහි සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ රත්‍රං තොගය ගුවන් තොටුපළින් පිටතට රැගෙන ඒමට කටයුතු කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ.
මොහුට විදේශිකයෙකුගෙන් මෙම රත්‍රං තොගය ලැබෙන්නට ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සඳහන් කළේ.