Gossips

ලක්ෂ 35ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 35කට අධික මුදලක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වීදියවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 18වැනිදා රාත්‍රීයේදීයි.
සැකකරුවන් දෙදෙනාට මෙම මුදල් ලැබුණු ආකාරය නිවැරදිව පැහැදිලි කිරීමට නොහැකි වීම සහ ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.
වීරගුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.