Gossips

ලක්ෂ 32 ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් 05 ක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු සහ ඊට සහය දුන් ගුවන් තොටුපොළේ පිරිසිදු කරන්නෙකු ඊයේ (02) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ඔහු විසින් රැගෙන විත් තිබූ රන් බිස්කට් ගුවන් තොටුපොළෙන් පිට කිරීම සදහා ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවකයෙකු වෙත ලබා දී තිබෙනවා.
මෙම සිදුවීම නිරීක්ෂණය කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මොවුන් පිළිබඳ වහා රේගු නිලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුවයි රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස රේගු භාරයට ගනු ලැබූ රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 32 කට අධික බවයි රේගු නිලධාරින් පැවසුවේ.
රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.