නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 31 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ පස්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ඩුබායි සහ සාජා සිට පැමිණ ඇති අතර, කාන්තාවන් දෙදෙනෙකුද ඊට ඇතුළත්.
කාටුන් 286 ක අසුරා තිබූ මෙහි දුම්වැටි 57,200 ක් තිබූ බව සඳහන්.
වයස අවුරුදු 20 ත් 35 ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් නියම කළ රේගුව දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙනවා.
