Gossips

ලක්ෂ 30 ක දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ 05 – ආර්.ඒ.ද මෙල් මාවතේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, කඩවත සහ අතුරුගිරියේ පදිංචි වයස 35 ත් 50 ත් අතර සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් සමඟ සොරා ගන්නා ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 10 ක් සහ ජංගම දුරකථන 12 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.