Gossips

ලක්ෂ 30කට අධික මුදල් කුවේටයට රැගෙන යාමට තැත් කළ යුවළක් රේගු දැලේ (ඡායාරූප)

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවාහක යුවලක් වන මොවුන් දෙදෙනා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් ඊයේ (26) කුවේටය බලා යාම සඳහා ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ගමන් මළු වල තිබී රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සහ කුවේට් ඩිනාර් 2410ක් සොයා ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල