Gossips

ලක්ෂ 3ක් අවතැන් කරමින් ලෙස්ලි පෘතුගාලයට කඩාවදී

ලක්ෂ 3 ක ජනතාවක් අවතැන් කරමින් "ලෙස්ලි" සුළි කුණාටුව පෘතුගාලයට කඩාවැදී තිබෙනවා.
පෘතුගාලයේ ලිස්බන් අගනුවරට වැඩිම බලපෑමක් එල්ල කර ඇති මෙම සුළි කුණාටුවෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සුළි කුණාටුවෙන් නිවාස සිය ගණනක් විනාශ වී තිබෙනවා.
පැයට කිලෝමීටර 170 කට වැඩි වේගයකින් මෙම සුළි කුණාටුව හමායන බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.