නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 27ක් වටිනා රන් තොගයක් ඩුබායි සිට රැගෙන ආ ශ්රී ලාංකිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අද (22) අත්ඩංගුවට ගත්තා.
ඔවුන් සිය ගමන් මළුවල සහ ගුද මාර්ගයේ සඟවා මෙම රන් ශ්රී ලංකාවට රැගෙනවිත් ඇති අතර එලෙස සොයාගත් රන් තොගයේ බර ග්රෑම් 430ක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ කෑගල්ල ප්රදේශවල පදිංචිකරුවන්.
ඡායාරූප – කටුනායක ටී.කේ.ජී. කපිල
