නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී විදේශීය දුම්වැටි 34,800 ක් අඩංගු කාටුන් 174 ක් සොයාගත්තා.
එහි වටිනාකම රුපියල් 17 ලක්ෂ 40,000 ක් බවයි ගුවන් තොටුපල රේගුව ප්‍රකාශ කළේ.
සැකකරු 32 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
