Gossips

ලක්ෂ 121ක හෙරොයින් නුගේගොඩ දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ – පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මොවුන් මෙම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී ඔවුන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 11ක් තිබී ඇති අතර, සැකකරුවන් 25 සහ 34 වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.