තම යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාශ දූෂන මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මග්ගොන – කිතුලහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බවයි පොලීසිය සඳහන් කළේ.
