Politics Sri Lanka

ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට

ලක්ෂ 12ක වංචාවකට ගණකාධිකාරී සහ අභ්‍යන්තර විගණකවරයා රක්ෂිත බන්ධනාගාරයට

වාරිමාර්ග ජල සම්පත් කලමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ අභ්‍යන්තර විගණකවරයා ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කර තිබේ.

ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වෙන පුහුණූ වැඩසටහනකට සහභාගි විමට ව්‍යාජ ලේඛන සකස් කර ලක්ෂ 12ක වංචාවක් කළැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.

ඒ.එච් සරත් අශෝක අත්තනායක සහ ඒ.ඒ චන්දන යන දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.