Gossips

ලක්ෂ 12කට අධික මත්පෙති සමඟ තිදෙනෙකු මිනුවන්ගොඩ දී අත්අඩංගුවට

මිනුවන්ගොඩ නගරයේදී රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් සන්තකයේ මත්පෙති 4008ක් තිබී සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් රාගම සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (17) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.