බිරිඳ සහ දරුවන් ඝාතනය කරන බව පවසමින් ව්‍යාපාරයෙකුගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකරුවන් දෙදෙනා තමන් සංවිධානාත්මක අපරාධකරුවන් බව පවසා රුපියල් ලක්ෂ 10 මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ඔවුන් වරකාපොළ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් මීරිගම සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන්.