Gossips

ලක්ෂ හයේ බෙල්ජියම් පුටු 125 ක් බස්නාහිරට

බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා පුටු 125 ක් ගෙන්වීමේ තීරණය වෙනස් නොකරන බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.
ඒ අප ඊට අදාළ වාර්තාව පිළිබද කළ විමසීමකට පිළිතුරු දෙමින්.
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභා ශාලාව සදහා රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා පුටු 125 ක් ගෙන්වීම සදහා ටෙන්ඩරයක් කැදවා ඇති බවට චෝදනා කළේ ජනතා විමුක්ති පෙරමුණයි.
විධිමත් පරීක්ෂණයක් පවත්වා අධික මිලකින් යුත් පුටු ගෙන්වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ආණ්ඩුකාරවරයාට ද ලිපියක් යොමුකළ බව එහි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ ආණ්ඩුකාරවරයාට එම ටෙන්ඩරය අවලංගු කිරීමට හැකියාවක් නොමැති බවයි.