Gossips

ලක්ෂ තුනක ගස් ලබු වගාවක් වන අලි විනාශ කරයි

පුත්තලම,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලීගම – නෙළුම්ගම ගම්මානයට කඩා වැදී ඇති වන අලින් රංචුවක් ගස් ලබු වගාවක් කඩා විනාශ කර දමා ගොස් තිබෙනවා.
ඊයේ 05 වැනිදා වන අලින් විසින් මෙම විනාශ සිදු කර තිබෙනවා.
තම වගාවට කඩා වැදී ඇති වන අලින් පල දරා තිබූ ගස් ලබු ගස් 150 කට වැඩි ප්‍රමාණයක් කඩා විනාශ කර දමා ඇති බවත්,ඉන් සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ 03 කට වැඩි බවත් එම වගාවේ හිමිකර පවසනවා.
වගා ළිදකින් ජලය ලබා ගෙන සිදු කර ගෙන යන අක්කර 2 ½ ක් පමණ වන ගස් ලබු වගාව වන අලින් කඩා වැදී මේ වන විට දෙවතාවක් විනාශ කර ඇති බවත්,පසුගිය දිනක කරුවලගස්වැවට පැමිණි වන ජීවී ඇමතිවරයා කියා සිටියේ වන අලි ගැටළුවට කඩිනම් විසදුමක් ලබා දෙන බව වුවත් මේ වන තුරු කිසිවක් සිදුවී නොමැති බවද හෙතෙම කියා සිටියා.
තම වගා බිම වටා පුද්ගලිකව විදුලි වැටක් සාදා ඇති නමුත් වන අලින් එයද කඩා ගෙන ඇතුළු වන බවද ඔහු කියා සිටියා.